Sunday 1 January 2012

ලෝක ප්‍රකට නියම (Theory)


                            ****ලෝක ප්‍රකට නියම (Theory)***

මේ නියමයන් පරීක්ෂා කර බලා තිබේද..?



1. ලොරන්ස්ගේ යාන්ත්රික පිළියම් නියමය
සෑම යාන්ත්රික දෝෂයක් පිළියම් කිරීමේදී අත්ග්රීස් වලින් වැසුනු විට නාසය කැසීමට පටන් ගනී.




------------------------------------------------------------------------------------------------------

2. ඇන්තනිගේ කම්මල් නියමය
ආයුධයක් බිම වැටුනු විට අත දැමීමට අපහසුමකොන වෙත පෙරළී යයි.
 










------------------------------------------------------------------------------------------------------

3. කොවෑක්ගේ න්යාය
වැරදි නම්බරයක් ඇමතීමේදී කාර්යබහුල නාදයකිසිවිටෙක නොඇසෙයි.






------------------------------------------------------------------------------------------------------

4. කැනන්ගේ කර්මවාදය
අද වැඩට වාර්තාකිරීමට පමාවූ හේතුවලෙස වාහනයේ ටයරයේ හුළං යෑම යැයිකරණු ඉදිරිපත් කළහොත් පසුදිනසත්යවශයෙන්ම වාහනයේ ටයරයේ සුළංයනු ඇත.




------------------------------------------------------------------------------------------------------
5.  බ්රයන්ගේ විචලන නියමය
ඔබ සිටිනා පෝළිම මාරුකලහොත් ඔබ සිටි පෝළිම දැන් සිටිනාපෝළිමට වඩා වේගයෙන් ඉදිරියට යයි.




------------------------------------------------------------------------------------------------------

6. බෙල්ගේ නියමය
ඔබ නානකාමරයේ සිටින විට දුරකථනය නාදවීමේසම්භාවිතාව ඉහල යයි.






------------------------------------------------------------------------------------------------------

7. රූබිගේ සමාසද සිද්ධාන්තය
ඔබ දන්නා කිසිවකු මුණ ගැසීමේ සම්භාවිතාව ඔබකවුරුත් නොදකීවායි පතන අවස්ථාවකදී ඉහල යයි.






------------------------------------------------------------------------------------------------------

8. විලොබීගේ නියමය
ඔබ මැසිම වැඩ කරන්නේ නැති බව ඔප්පු කිරීමට තැත්කිරීමේදී එය වැඩ කරයි.






------------------------------------------------------------------------------------------------------

9. සැඩ්රාගේ ජීවමිති නියමය
කැසීමේ සැරබව අදාල ස්ථානයට  අත පෙවීමට ඇතිදුරට සමානුපාතික වේ.




------------------------------------------------------------------------------------------------------
10. බ්රෙඩාගේ නීතිය
සෑම අවස්ථාවකදීම බිත්තියට ළඟ අසුන්ගැනීමට නියමිත අය පැමිණෙන්නේඅවසානයටය.




------------------------------------------------------------------------------------------------------


11. ඕවන්ගේ නියමය

උනුසුම් කෝපි/තේ  කෝප්පයක් රසවිදීමට සැරසෙද්දීඑය නිවෙනතුරු කිරීමට ලොක්කා වැඩක් පවරනුඇත.






------------------------------------------------------------------------------------------------------

 
12. වූලිගේ නියමය
ඔබ බොහෝ රෑ වන තුරු වැඩ කරන කිසිම දවසකලොක්කා නොසිටින නමුත් ඔබ අන්තර්ජාලයේසැරිසරන විට ඔහු අනිවාර්යෙයන්ම ළඟ සිටියි.
 

 කෙතරම් තමන්ට අවාසිදායක වුවත් රට දැය සමයට හිතකර කාර්යය වහ වහා ඉටු කළ යුතුය. කෙතරම් කැමැත්ත ඇතිවුවද රට දැය සමයට අශුභවන කාර්යය හිතාමතාම අතපසු කළ යුතුය.   -රාවන රජතුමා

Saturday 15 October 2011

පොඩි එකාගේ මොලේ

මේ කතාව මගේ නිර්මාණයක් නොවේ මටත් email |එකකින්  ආව එකක් .

ඔන්න එක ඇමෙරිකන් අම්ම කෙනෙක්, එයාගේ චූටි පුතාව කාර් එකේ තියාගෙන, යාලුවෙක්ගෙ ගෙදර යනවා. යාළුවගේ ගෙදරත් ඔය පොඩි එකාගේ වයසේම චූටි එකෙක් ඉන්නවා. පොඩි උන් දෙන්නව සෙල්ලම් කරන්න දාලා, අම්මලා දෙන්නා ඕපා දූප කතා කරන්නයි යන්නේ.
ගමන යන අතර මගදී පොඩි එකා ප්‍රශ්න පත්තරයක් දානවා අම්මට. දන්නවනේ පොඩි උන්ගේ හැටි.

‘අම්මේ, අම්මට දැන් වයස කීයද?’

‘පුතේ, ගෑණු කෙනෙක්ගෙන් වයස අහන එක බොහොම නරක දෙයක්’ කියලා ඇමෙරිකන් අම්මා, පොඩි එකාට ටිකක් තදින් කියුවා.
ආයෙත් ටික වෙලාවකින් පොඩි එකා ප්‍රශ්නයක් අහනවා,

‘අම්මගේ බර කීයද?’

ටිකක මහත දෙහෙත ගෑනු කෙනෙක් වෙච්ච අම්මට දැන් මල පැන ගෙන එනවා.
‘පුතා, ඕවා ගෑණු කෙනෙක්ගෙන් අහන්න හොඳ ප්‍රශ්න නෙවෙයි’.

මද නිහැඬියාවකින් පස්සේ, ආයෙත් ටිකකින් පොඩි එකාගෙන් ප්‍රශ්නයක්,

‘අම්ම ඇයි තාත්තාගෙන් ඩිවෝස් උනේ?’

‘දැන් නම් ඔයා හොඳටම ගානට වැඩියි පුතා. ඔය විකාර අහන එක නවත්තගන්නවා’, අම්මට අසූ හාරදාහට නැගලා ෆයිනල් වෝනින්ග් එක දුන්නා. පොඩි එකත් බය වෙලා, කට වහ ගත්තා. එත්, මූට දැන් ප්‍රශ්න කෝටියයි. අහපු ඒවාට උත්තර නැතිව.
ඔන්න ඉතින් යාළුවගේ ගෙදර ගියයි කියමුකෝ. පොඩි එකා, අනිත් පොඩි එකාට වෙච්ච සිද්ධිය කියුවා.

‘අයියෝ, ඕකත් කජ්ජක්ද? මම නම් අපේ අම්ම ගැන ඕවා ඔක්කොම දන්නවා’ අනික් පොඩි එකා පොර ටෝක් එකක් දුන්නා.

‘ඒ කොහොමද?’

‘මම අපේ අම්මගේ ඩ්‍රයිවින් ලයිසන්ස් එක හොරෙන් අරන් බැලුවා. එකේ ඔය විස්තර ඔක්කොම තියෙනවා. ඒක හරියට ඉස්කෝලේ රිපෝර්ට් කාඩ් එක වගෙයි.’ (අමෙරිකන් ඩ්‍රයිවින්ග් ලයිසන්ස් එකේ බරත් තියෙනවා)
පොඩි එකාටත් හරිම සතුටුයි. අම්මා එහෙ මෙහෙ වෙනකම් ඉඳල, පොඩි එකා අම්මගේ ඩ්‍රයියිවින්ග් ලයිසන්ස් එක උස්සල බැලුවා.
එදා හවස, පොඩි එකා ජයග්‍රාහී විලාසයෙන් අම්මට මෙහෙම කියනවා;

‘අම්මගේ වයස මම දන්නවා.’

අම්මා නොන්ඩි හිනාවක් දැම්ම.
‘එහෙනම් කියමුකෝ බලන්න කීයද කියලා’

‘අම්මගේ වයස දැන් තිස් තුනයි’

අම්මට ටිකක් පුදුමයි.
‘කොහොමද පුතා හරියටම ගෙස් කලේ?’

‘හික් හික්.. අම්මගේ බරත් මම දන්නවා.’

‘මගේ බර?’

‘ඔව්. අම්මා කිලෝ හැට පහක් බරයි’

‘කොහෙන්ද පුතා මේවා දැන ගත්තේ?’
අම්මා දැන් ෆුල් හොල්මන්.

පොඩි එකා ජයග්‍රාහී තුන් වෙනි වරට තවත් ෆිට් එකේ කියනවා;

‘අම්මා තාත්තාගෙන් ඩිවෝස් උනේ මොකද කියලත් මම දන්නවා’
අම්මගේ ඇස් දෙක උද ගියා.

අම්මා සෙක්ස් ෆේල්. අම්මට සෙක්ස් වලට තියෙන්නේ F එකක්...!!!’ 

****කෙතරම් තමන්ට අවාසිදායක වුවත් රට දැය සමයට හිතකර කාර්යය වහ වහා ඉටු කළ යුතුය. 
කෙතරම් කැමැත්ත ඇතිවුවද රට දැය සමයට අශුභවන කාර්යය හිතාමතාම අතපසු කළ යුතුය.
 
-රාවන රජතුමා******